මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Monday, December 5, 2011

වසරේ 20-20 දක්ශතා..

මේ වසරේ පැවැත්වීමට නියමිත සියලුම 20-20 ජාත්යන්තර තරග මේ වනවිට අවසන්වී තිබෙනවා.මේ මෙම වසර තුල කණ්ඩායම් හා ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවල සාරාංශයක්.
           
     

  • මෙම වසරේ සාර්ථකම 20-20 කණ්ඩායම ලෙස පාකිස්තානු කණ්ඩායම නම් කරන්න පුලුවන්.ඔවුන් සහභාගීවූ තරග 5න් 4කම ජය ලබාගෙන තිබෙනවා.
  • තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක්  දැවී  ලබාගත් ලකුණු 198.
  • වසරේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණුවන්නේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 85යි.ඒ පාකිස්තානයට එරෙහිව.
  • වසරේ වැඩිම ලකුණු සංඛයාවක් ලබාගත් පිතිකරුවාවන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්.ඒ ලකුණු 195ක්.
  • එක් තරගයකදී වැඩිම ලකුණු සංඛයාවක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්.ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104.
  • පාකිස්තානයේ මොහොමඩ් හෆීශ් වසරේ වැඩිම කඩුලු ලාභියායි.ඔහු මෙම වසරේ කඩුලු 10ක් ලබාගෙන තිබෙනවා.
  • වසරේ හොදම පන්දු යැවීම වාර්තාවෙන්නේ අජන්ත මෙන්ඩිස්ගෙන්. ඒ ලකුණු 16ට කඩුලු 6ක් ලෙස.
  • වසරේ වැඩිම 6 පහරවල් ගනණක් එල්ලකල ක්‍රීඩකයාවන්නේ ශේන් වොට්සන්.ඒ 6 පහරවල් 13ක් එල්ලකරමින්.
  • මෙම වසරේ වර්තාවූ එකම 20-20 ශතකය වර්තා කරගෙන තිබෙන්නේ තිලකරත්න ඩිල්ශාන්.











 

Sunday, December 4, 2011

මෙහෙමත් වෙලානෙ ?

    දැන් කියන්න යන්නෙ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවුන විශේෂ සිදුවීම් කිහිපයක්.මෙතන ගොඩක් ඇත්තේ ඔයාලා දන්නෙ නැති ඒවා.ඉතින් මේ ටික කියවලාම බලන්නකො.








  • එක් පන්දුවාරයක් පන්දු 6 කට සීමා කරලා තියෙන්නේ 1900 වර්ෂයෙ.
  • ප්‍රථම ටෙස්ට් තරග 30ම පවත්වා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම් අතර.31 වන තරගයට දකුනු අප්‍රිකාව සහභාගිවෙලා තියනවා.
  • තමා සහභාගිවූ ප්‍රථම ටෙස්ට් තරග 3හි දීම ශතක ලැබූ 1ම ක්‍රීඩකයා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසාරුඩීන්.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහභාගීවූ ප්‍රථම ටෙස්ට් ඉනිම 6දී 5 වරක්ම ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
  • ඉන්දීය කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට වසර 19ක් හා දින 230ක් ගතවී තිබෙනවා.
  • ලොව ප්‍රථම ටෙස්ට් තරගය 1877 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වා තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී එකම දිනයක් තුල දෙවරක්  දැවී ගිය 1කම කණ්ඩායමවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
  • සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලබා ඇති ලකුණු 6996න් ලකුණු 5028ක් ම ලබා ඇත්තේ  එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
  • ජිම් ලේකර් නැමැති ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19ක් ලබාගෙන තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී අඩුම ලකුණු සංඛයාවකට දැවීගොස් ඇත්තෙ නවසීලන්ත කණ්ඩායමයි. ඒ ලකුණු 26කට.
                         ඉදිරි ලිපියකින් තවත් තොරතුරු බලාපොරොත්තුවන්න...

පාකිස්තානයේ අභිමානය....

පාකිස්තානු ජාතික අලීම් ඩාර්  මෙම වසරේ ලොව හොදම ක්‍රිකට් විනිසුරු බවට පත්වුනා.එම සම්මානය ඔහු ලබාගනු ලැබුනු පිට පිටම තෙවන වරටයි.





                            ක්‍රිකට් විනිසුරුවන් පිළිබදව ක්‍රීඩා ලෝලීන් අතර එතරම් පැහැදීමක් නැති මෙවන් වකවානුවක මෙවැනි විනිසුරුවන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වන සේවය ඉතා ප්‍රශංසනීයයි.
                            මීට ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික සයිමන් ටෝෆුල් පස් වරක් මෙම සම්මානය හිමිකරගෙන තිබෙනවා.

කිවියො පරාදයි...

අද අවසන්වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ප්‍රථම ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුනා.ඒ කඩුලු 9ක පරාජයක්.
         ඕස්ට්‍රේලියනු නායක මයිකල් ක්ලාක්ගේ හා දෙපිලෙහිම නවක ක්‍රීඩකයන්ගේ දක්ශතා ඉස්මතුවූ තරගයක් ලෙස මෙය හැදින්විය හැකියි.
                           
         ලකුණු පුවරුව නැරඹීමට පහත ලින්කුවට යන්න.

                     http://www.espncricinfo.com/australia-v-new-zealand-2011/engine/current/match/518947.html

Saturday, December 3, 2011

මෙහෙමත් කෑමක්...

අද කියන්න යන්නෙ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පන්දු ගණනකට මුහුණදුන් ක්‍රීඩකයන් ගැනයි.
          
             




        මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ඉන්දියානු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්.ඔහු මේ වනවිට පන්දු 30707 කට මුහුණදීලා තියනව...දෙවෙනියට සිටින්නෙ ඉන්දියානු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් . ඔහු පන්දු 28062 කට මුහුණදීලා තියනවා.ශ්‍රී ලංකානු ක්‍රීඩකයන්ගෙන් වැඩිම පන්දු ගණනකට මුහුනදීලා තියෙන්නෙ මහේල ජයවර්ධනයි.ඒ පන්දු 19139 කට මුහුනදෙමින්.
                                     මෙයාලා මෙච්චර පන්දු ගණනකට මුහුණදෙද්දි පන්දු යවන්නන්ටනම් මොනවා හිතෙන්න ඇද්ද ?  :D

Friday, December 2, 2011

ඉපදුනේ කවදාද ?

           ඔයාල ආස කරන ක්‍රීඩකයෙකුගෙ උපන් දිනය කවදද කියලා  දැනගන්න ඕනි උනොත් එහෙම දැන් වැඩිය දගලන්න දෙයක් නෑ.ඒකට කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් 1කට යන 1 විතරයි.

                                http://cricket.123india.com/players/birthday/






                   සියලුම දෙනාට මෙම ලිපිය වැදගත් නොවුනත් එක් අයකුට හරි වැදගත්වෙයි යයි සිතනවා.

වැඩිම බිංදු ගණන...

            මෙම වසරේ නොවැම්බර් 30 වනදා වනවිට ජත්යන්තර ටෙස්ට් තරග 2019ක් පවත්වා තිබෙනවා.එම තරගවලදී ක්‍රීඩකයන් 7638වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.වැඩිම බිංදුවට දැවීයාම් ගණනක් වාර්තාවෙන්නේ එංගලන්ත කණ්ඩායමෙන්.ඒ 1599 වරක්..මේ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් 1317 වරක්ද බටහිර ඉංදීය කොදෙව්වන් 960 වරක් ද බිංදුවට දැවීගොස් තිබෙනවා.තවද ඉන්දියා ක්‍රීඩකයින් 833 වතාවක් ,නවසීලන්තය 793ක්, දකුනු අප්‍රිකාව 667ක්, පාකිස්තානය ක්‍රීඩකයින් 655 වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.  









                                ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිංදුවට දැවීගොස් තිබෙන්නේ 389 වතාවක් පමණයි.එම අගය සිම්බාබ්වේ 227ක් ද බංග්ලාදේශයේ 198ක් ද වෙනවා. 
                                 ලොව වැඩිපුරම බිංදුවට දැවීගොස් ඇත්තේ කොදෙව් කණ්ඩායමේ කර්ට්නි වෝල්ස්.ඔහු 43 වතාවක් බින්දුවට දැවීගොස් ඇති අතර ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්  35 වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.

ඔබගේ ඉල්ලීම..

         සාමාජිකයො කිහිපදෙනෙක්ම කියලා තිබුනා නුවන් කුලසේකර ගැන ලිපියක් පළකරන්න කියලා.. මේ ඒකට අවස්ථාව.
              29 හැවිරිදි නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ශතම ක්‍රීඩකයෙක්.චමින්ද වාස්ගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා බවට පත්වූ ඔහු අවස්ථා ගණනාවකදීම ලොව හොදම පන්දු යවන්නා බවටද පත්වුනා.මේ දිනවල ආබාධිත තත්වයක් නිසා කණ්ඩායමින් ඉවත්ව සිටින ඔහු හොදින් පන්දුවට පහරදීමටද හැකි ක්‍රීඩකයෙක්.තවද ඔහු IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායමටද ක්‍රීඩා කරනවා..
                     ඔහු ගැන වැඩිදුරටත් විස්තර දැනගැනීමට අවශයනම් පහත ලින්කුවට යන්න.
             http://www.espncricinfo.com/ci/content/player/49535.html

Thursday, December 1, 2011

නිකන්ම දෙනවා....

                                                                     ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබ සදහාම ආරම්භවූ  මෙම පිටුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නවතම තොරතුරු මෙන්ම රසවත් සිදුවීම් දන්න සිංහලෙන්ම  ඔබ වෙත ලබාදීමට බලාපොරොත්තුවෙමි.         එම තොරතුරු පහසුවෙන්ම ඔබ වෙත ලබාගැනීම සදහා මෙම  පිටුවෙහි දකුණුපස තීරුවෙහි ඇති    JOIN THIS SITE  යන්න මත ඔබා ඊමේල් ගිනුමට පිවිස මෙහි සාමාජිකත්වය නොමිලේම ලබාගන්න...
                       
                             

බූම් බූම් අෆ්රිඩි....

                                                මේ සටහන  සුපිරි ක්‍රීඩක සයිඩ් අෆ්රිඩි ගැනයි.


                                                    මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ්‍රී ලංකා තරගාවලියේදී නැවතත් ක්‍රීඩාවට පිවිසි අෆ්රිඩි මේ වනවිට සුපිරි දක්ෂතා දක්වමින් පවතිනවා..අද බංග්ලාදේශය සමග පැවති එක්දින තරගයේදීත් කඩුලු 5ක් ලබාගැනීමට ඔහු සමත්වුනා.තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ඔහු මේ වනවිට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකියි.
                                මේ වනවිටත් ලොව වේගවත්ම එක්දින ශතකයට උරුමකම් කියන අෆ්රිඩි   එක්දින තරග ඉතිහාසයේ වැඩිම 6 පහරවල් ගණනක් එල්ල කළ ක්‍රීඩකයාද  වෙනවා.

20-20 ලෝක කුසලානය...

     මීලග 20-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වනවා.
                කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පවත්වන එම තරගාවලිය සැප්තැම්බර් මස 18වන දින ආරම්භවීමට නියමිතයි.    නවක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද සහභාගීවන එම තරගාවලිය තියුණු තරගාවලියක් වනු   නොඅනුමානය..


                                

කිවි කැන්ගරු සටන..

   තරග 2කින් සමන්විත ඕස්ට්‍රේලියා, නවසීලන්ත ටෙස්ට් තරග මාලාව අද ඇරඹුනා.මෙම තරගය සජීවීව නැරඹීම සදහා ක්‍රිකට් ලෝකය සමග එක්වන්න....මෙම පිටුවේ අග කොටස ඒ සදහා වෙන්කර ඇත...


                       

Wednesday, November 30, 2011

ඔබ දන්නවාද ?

            ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක්දින ජාත්යන්තර තරග 643 කට සහභාගීවී ඇති අතර ඉන් තරග 302ක් ජය ලබා ඇත. තරග 312ක් පරාජයට පත්ව ඇත.තරග 3ක ලකුණු තත්වය සමවී ඇති අතර තරග 26ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. 



                                  ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයගැනීමේ සාමාන්ය 49.18% ක් ලෙස සටහන් වේ.තවද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 50ක් ද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව තරග 47ක් ජයගෙන තිබීම විශේෂත්වයකි..

ඉන්දියාවට තියුණු ජයක්...පාකිස්ථානයට පහසු ජයක්...

                ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය..එහිදී ඉන්දීය අගපෙළ පිතිකරුවන්ගේ දක්ශතා කැපීපෙනුණි.. ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
     http://www.espncricinfo.com/india-v-west-indies-2011/engine/current/match/536929.html
                
                      
              මේ අතර ඊයේ පැවතුන 20-20 තරගයෙන් බංග්ලාදේශය පරදවා පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය..එහිදී දග පන්දු යවන්නන්ගේ දක්ශතා කැපී පෙනුණි..ලකුණු පුවරුව ලබාගැනීමට පහත ලින්කුවට යන්න.
   http://www.espncricinfo.com/bangladesh-v-pakistan-2011/engine/current/match/538068.html
             

Tuesday, November 29, 2011

සංගා,ඩිල්ශාන්,තිසර,අජන්ත සම්මාන ලබයි...

වසරක් පාසා පවත්වන සියැට් සම්මාන උළෙල අද රාත්‍රියේ පැවැත්වුනා...එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය හා වසරේ ටෙස්ට් පිතිකරුවා සම්මානය හිමිවුනේ කුමාර සංගක්කාරටයි..වසරේ ක්‍රීඩකයා හා හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මාන හිමිවුනේ තිලකරත්න ඩිල්ශාන්ටයි..වසරේ හොදම එක්දින පන්දු යවන්නා හා වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට තිසර පෙරේරා සමත්වුනා..අජන්ත මෙන්ඩිස් හට වසරේ ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවුනා..
                                                මෙහිදී ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් හට සම්මාන හිමි නොවීමද විශේෂත්වයකි..





                                   


මොලේ පෑදුනාවත්ද ?

            ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුනු අප්‍රිකා සංචාරය සදහා නම් කල ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් කර නොතිබූ සුපිරි පිතිකරු තිලාන් සමරවීරව එම සංචාරය සදහා නම් කිරීමට අද තීරණය  කර තිබෙනවා.මහේල ජයවර්ධනගේ අබාධිත තත්වය තවමත් සුවවී නැති නිසා තිලාන් ව කණ්ඩායමට එක්කළ බවයි වැඩිදුරටත් සදහන් වන්නෙ..කෙසේ හෝ තිලාන් කණ්ඩායමට එක්වීම කණ්ඩායමට අමතර ශක්තියක් වනු ඇත.
       මෙය සම්බන්ධව මීට පෙර මා පළකර ලිපියට යාමට මෙය ඔබන්න...
                        http://praveenkarunapala.blogspot.com/2011/11/blog-post_25.html

ලෝක ශූරයන් තරග බිමේ..

         ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය අද  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු  2.30ට ඇරඹෙනවා.දෙරටේ සුපිරි ක්‍රීඩකයින් තරග කරන මෙම තරගය සජීවීව නැරඹීමට හා ලකුණු සටහන බලාගැනීමට ක්‍රිකට් ලෝකය සමග එක්වන්න.

                             

ජයසූරියගෙත් වැඩ...

                                  මේ සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ සුපිරි දස්කමක් පිළිබදවයි.
     
     


                               ටෙස්ට්, එක්දින, 20- 20 අංශ තුනෙන්ම ලොව වැඩිම ලකුණු ලබා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම බව ඔබ දැනටමත් දන්නවා විය හැකියි..එහි විශේෂයක්වන්නේ එම සෑම තරගයකදීම වැඩිම ලකුණු ලාභියා වන්නේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය වීමයි.පහත රූප සටහණින් ඔබට එය වඩාත් පැහැදිලිවනු ඇත..

                                                පින්තූරය විශාල කර බැලීමට එය මත ඔබන්න...

මෙන්ඩිස් තාම 1 ...

පසුගිය  25වනදා ප්‍රකාශයට පත්කෙරුණු නවතම 20-20 ශේණිගතකිරීම් වලට අනුව  පන්දු යවන්නන් අතරින් ප්‍රමුඛස්ථානය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අජන්ත මෙන්ඩිස් සමත්ව තිබෙනවා..එහි 9 වන ස්ථානය හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට..
          ඉංදියාව හා පකිස්ථාන කණ්ඩායම් වලට එරෙහිව පවත්වන තරග සදහා වැඩිපුර කණ්ඩායමට එක්කර නොගන්නා මෙන්ඩිස් මෙලෙස ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ පසුවීම විශේෂත්වයකි.ලකුනු 16කට කඩුලු 6ක් ලබාගනිමින් 20-20 තරග ඉතිහාසයේ හොදම පන්දු යැවීම වාර්තාකරගෙන ඇත්තේද අජන්ත මෙන්ඩිස් විසින්මය....  


       

Monday, November 28, 2011

සජීවීව ක්‍රිකට් තරග නැරඹීමට පැමිණෙන්න..

ක්‍රිකට් ලෝකය වෙත පැමිණෙන ඔබට සජීවීව ක්‍රිකට් තරග නැරඹීමේ පහසුකම අද සිට ක්‍රියත්මකයි..මෙම පිටුවේ අග කොටස ඒ සදහා වෙන්කර ඇති අතර සජීවීව ක්‍රිකට් තරග නැරඹීම සදහා ක්‍රිකට් ලෝකය වෙත පැමිණෙන්න..
                        

චූටිම මැච් 1 ...

                           1932 වසරේදී ඕස්ට්‍රේලියව හා දකුනු අප්‍රිකාව අතර ඕස්ට්‍රේලියාවේදී පැවති තරගයක් තමා මේ වනවිටත් ලොව ඉක්මණින්ම අවසන්වූ ටෙස්ට් තරගය ලෙස සටහන්වන්නෙ.
         

                         එම තරගය සදහා පන්දුවාර 109ක් හා පැය 6ක කාලයක් ගතවී තිබෙනවා..මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් දකුනු අප්‍රිකා කණ්ඩායම ලකුනු 36කට දැවීගොස් ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුනු 153ක් ලබාගෙන තිබෙනවා...දෙවන ඉනිමේදී දකුනු අප්‍රිකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවී ඇත්තේ ලකුනු 45ක්  පමණයි.මේ අනුව ඉනිමකින් හා ලකුනු 72ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී තිබෙනවා.
                                                   මෙම තරගය සදහා ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම පිතිකරුවා ලෙස සැලකෙන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද ක්‍රීඩාකර තිබීම විෂේශත්වයකි.

32000 පනී...

          ඉංදීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගියදා තම ජාත්යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 32000 සීමාව පසුකලා.මෙම කඩයිම පසුකල ලොව ප්‍රථම පිතිකරුවා ඔහුයි.

           ජාත්යන්තර ක්‍රිකට් ශතක 99ක් ලබා සිටින ඔහු අර්ධ ශතක 158ක් මේ වනවිට ලබා සිටිනවා..38 හැවිරිදි මෙම සුපිරි පිතිකරුවා තවත් කොපමණ කලක් ක්‍රීඩාවේ යෙදේවි දැයිනම් සැක සහිතයි...ඒ කෙසේ වෙතත් ඔහුගේ සියවන ජාත්යන්තර ශතකය ඉතා නුදුරේදීම ලබාගනු ඇත..
                                1989 වසරේ ජාත්යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ ඔහු එක් එක් කාල වකවාණුවලදී ලකුනු ලබාගත් ආකාරය පහත දැක්වේ.
                     

ඉංදියාවේ නවතම ටෙස්ට් තරුව...


පසුගියදා තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකල ඉංදියානු නවක ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් එහිදී විශේෂ දක්ෂතා දැක්වීමට සමත්වුනා...තමා සහභාගීවූ ප්‍රථම තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා සම්මානය දිනාගැනීමට ඔහු  සමත්වුනා..තරග 3කින් සමන්විතවූ ඉංදියා- බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී අෂ්වින් කඩුලු 22ක් බිද දැමුවා..මීට අමතරව එම තරගාවලියේදීම ඔහු තම මංගල ශතකය ලබාගැනීමද විශේෂත්වයක්...


            
ඔහු  එම තරගාවලියේදී දැක්වූ දක්ෂතා පහතින් දැක්වේ...



ටෙස්ට් ලෝක කුසලානය කල් යයි...


2013 දී පැවැත්වීමට තිබූ ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය වසර 2017 දක්වා කල් දමා ඇත.2013 වසරේ ක්‍රිකට් තරග විශාල සංඛයාවක් පැවැත්වීමට තීරණයවී තිබීමත් තරග සංවිධානයේ අඩුපාඩුත් නිසා මෙසේ වූ බවයි වාර්තාවෙන්නෙ..කෙසේ හෝ 2017 දී මෙම තරගාවලිය පැවැත්වුවත් දැනට ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයන් බොහොමයකට එම තරගාවලියට සහභාගීවීමට අවස්ථාව නොලැබීයනු ඇත. 

 


Sunday, November 27, 2011

මහේල ලෙඩ උනාමයි....

පසුගියදා පාකිශ්ථානය සමග පැවති 20-20 තරගයට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රීඩා කලේ නැ..ඒ අබාධ තත්වයක් හේතුවෙන්.. තම ජාත්යන්තර ක්‍රිකට් දිවියේ ඔහු අබාධයකට ලක්වූ ප්‍රථම අවස්ථාව ලෙසයි එය සටහන්වන්නෙ..ඉංදියාව සමග පැවති තරගයකදී විවේක ගැනීමේ අරමුණින් තරගයකට ක්‍රීඩාකර නොමැති මහේල අබාධයක් නිසා තරගයකට සහභාගි නොවූ පළමු අවස්ථාව මෙයයි...දැනට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛයාවක් ලබාගෙන සිටින්නේද මහේල ජයවර්ධනයි...



Saturday, November 26, 2011

ලංකාව පැරදුණත් සංගා 1 ....

මේ වනවිට ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයි..අවසානයට සහභාගීවූ ටෙස්ට් තරග 14හි දීම එකදු ජයග්‍රහණයක්වත් ලබාගැනීමට නොහැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ශ්‍රේණිගත කිරීමේ පෙරමුනේ පසුවීම විශේෂත්වයකි.සංගක්කාර පසුගිය තරගාවලියේදී තම ටෙස්ට් දිවියේ ලකුනු 9000 සීමාව පසුකරනු ලැබුවා..





   

මෙහෙමත් මැච් ....

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද අවසන් වූ  3වන ටෙස්ට් තරගය ලකුනු සමවීම නිසා ජය පරාජයෙන් තොරව නිමවුනා...කෙසේ වෙතත් 2-0ක් ලෙස තරගාවලියේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් උනා.තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානය හිමිවුනේ ඉන්දීය නවක ක්‍රීඩක රවිචන්ද්‍රන් අස්වින්ට... 


                       

පුදුමයි... ඒත් ඇත්තයි...

ඊයේ ශ්‍රී ලංකාව හා පාකිශ්ථානය අතර පැවති 20- 20 තරගයේදී විශේෂ සිදුවීමක් සිදුවුනා..ඒ තමයි 20-20 ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් 5 දෙනාම එම තරගයට ක්‍රීඩා කිරීම...පහත රූප සටහනින් එය තවත් පැහැදිලි වනු ඇත...ඒ කෙසේ වෙතත් එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමනම් කණගාටුවට කරුණක්..... 

                                                 

                                                       



                                                             

පැරදුණත් තාම 2 ...

ඊයේ පාකිශ්ථානය සමග පැවති 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනා...ඒ තියුනු සටනකින් අනතුරුව..ඒ කෙසේ වෙතත් මීට පෙර තරගවල දැක්වූ දක්ශතා හේතුවෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම  20-20 ශ්‍රේණි ගතකිරීම් වලට අනුව තාමත් 2වන ස්ථානයේ පසුවෙනවා.....




                                     

වැලි කතරේ අවසන් සටන........

               ශ්‍රි ලංකා, පාකිෂ්තානය සංචාරයේ එකම විස්සයි විස්ස තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.30 ඇරඹෙනවා....  ලෝකයේ ප්‍රභල 20-20 ක්‍රීඩකයන් හමුවන මෙම තරගය ඉතා උනුසුම් තරගයක්වනු
 නොඅනුමානයි ...  






           
           මෙය  නාලිකාව CSN ඔස්සේ සජීවීව විකාශනය වන අතර සංචාරයේ අවසාන තරගය වන මෙය ජය ගැනීමට අප කණ්ඩායමට හැකිවේවායි පතමු !!!