මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Friday, June 28, 2013

මෙම බ්ලොගය තාවකාලිකව නවතා ඇත..

Monday, December 5, 2011

වසරේ 20-20 දක්ශතා..

මේ වසරේ පැවැත්වීමට නියමිත සියලුම 20-20 ජාත්යන්තර තරග මේ වනවිට අවසන්වී තිබෙනවා.මේ මෙම වසර තුල කණ්ඩායම් හා ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවල සාරාංශයක්.
           
     

  • මෙම වසරේ සාර්ථකම 20-20 කණ්ඩායම ලෙස පාකිස්තානු කණ්ඩායම නම් කරන්න පුලුවන්.ඔවුන් සහභාගීවූ තරග 5න් 4කම ජය ලබාගෙන තිබෙනවා.
  • තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක්  දැවී  ලබාගත් ලකුණු 198.
  • වසරේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණුවන්නේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 85යි.ඒ පාකිස්තානයට එරෙහිව.
  • වසරේ වැඩිම ලකුණු සංඛයාවක් ලබාගත් පිතිකරුවාවන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්.ඒ ලකුණු 195ක්.
  • එක් තරගයකදී වැඩිම ලකුණු සංඛයාවක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්.ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104.
  • පාකිස්තානයේ මොහොමඩ් හෆීශ් වසරේ වැඩිම කඩුලු ලාභියායි.ඔහු මෙම වසරේ කඩුලු 10ක් ලබාගෙන තිබෙනවා.
  • වසරේ හොදම පන්දු යැවීම වාර්තාවෙන්නේ අජන්ත මෙන්ඩිස්ගෙන්. ඒ ලකුණු 16ට කඩුලු 6ක් ලෙස.
  • වසරේ වැඩිම 6 පහරවල් ගනණක් එල්ලකල ක්‍රීඩකයාවන්නේ ශේන් වොට්සන්.ඒ 6 පහරවල් 13ක් එල්ලකරමින්.
  • මෙම වසරේ වර්තාවූ එකම 20-20 ශතකය වර්තා කරගෙන තිබෙන්නේ තිලකරත්න ඩිල්ශාන්.











 

Sunday, December 4, 2011

මෙහෙමත් වෙලානෙ ?

    දැන් කියන්න යන්නෙ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවුන විශේෂ සිදුවීම් කිහිපයක්.මෙතන ගොඩක් ඇත්තේ ඔයාලා දන්නෙ නැති ඒවා.ඉතින් මේ ටික කියවලාම බලන්නකො.








  • එක් පන්දුවාරයක් පන්දු 6 කට සීමා කරලා තියෙන්නේ 1900 වර්ෂයෙ.
  • ප්‍රථම ටෙස්ට් තරග 30ම පවත්වා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම් අතර.31 වන තරගයට දකුනු අප්‍රිකාව සහභාගිවෙලා තියනවා.
  • තමා සහභාගිවූ ප්‍රථම ටෙස්ට් තරග 3හි දීම ශතක ලැබූ 1ම ක්‍රීඩකයා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසාරුඩීන්.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහභාගීවූ ප්‍රථම ටෙස්ට් ඉනිම 6දී 5 වරක්ම ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
  • ඉන්දීය කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට වසර 19ක් හා දින 230ක් ගතවී තිබෙනවා.
  • ලොව ප්‍රථම ටෙස්ට් තරගය 1877 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වා තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී එකම දිනයක් තුල දෙවරක්  දැවී ගිය 1කම කණ්ඩායමවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
  • සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලබා ඇති ලකුණු 6996න් ලකුණු 5028ක් ම ලබා ඇත්තේ  එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
  • ජිම් ලේකර් නැමැති ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19ක් ලබාගෙන තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී අඩුම ලකුණු සංඛයාවකට දැවීගොස් ඇත්තෙ නවසීලන්ත කණ්ඩායමයි. ඒ ලකුණු 26කට.
                         ඉදිරි ලිපියකින් තවත් තොරතුරු බලාපොරොත්තුවන්න...