මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Monday, December 5, 2011

වසරේ 20-20 දක්ශතා..

මේ වසරේ පැවැත්වීමට නියමිත සියලුම 20-20 ජාත්යන්තර තරග මේ වනවිට අවසන්වී තිබෙනවා.මේ මෙම වසර තුල කණ්ඩායම් හා ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවල සාරාංශයක්.
           
     

  • මෙම වසරේ සාර්ථකම 20-20 කණ්ඩායම ලෙස පාකිස්තානු කණ්ඩායම නම් කරන්න පුලුවන්.ඔවුන් සහභාගීවූ තරග 5න් 4කම ජය ලබාගෙන තිබෙනවා.
  • තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක්  දැවී  ලබාගත් ලකුණු 198.
  • වසරේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණුවන්නේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 85යි.ඒ පාකිස්තානයට එරෙහිව.
  • වසරේ වැඩිම ලකුණු සංඛයාවක් ලබාගත් පිතිකරුවාවන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්.ඒ ලකුණු 195ක්.
  • එක් තරගයකදී වැඩිම ලකුණු සංඛයාවක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්.ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104.
  • පාකිස්තානයේ මොහොමඩ් හෆීශ් වසරේ වැඩිම කඩුලු ලාභියායි.ඔහු මෙම වසරේ කඩුලු 10ක් ලබාගෙන තිබෙනවා.
  • වසරේ හොදම පන්දු යැවීම වාර්තාවෙන්නේ අජන්ත මෙන්ඩිස්ගෙන්. ඒ ලකුණු 16ට කඩුලු 6ක් ලෙස.
  • වසරේ වැඩිම 6 පහරවල් ගනණක් එල්ලකල ක්‍රීඩකයාවන්නේ ශේන් වොට්සන්.ඒ 6 පහරවල් 13ක් එල්ලකරමින්.
  • මෙම වසරේ වර්තාවූ එකම 20-20 ශතකය වර්තා කරගෙන තිබෙන්නේ තිලකරත්න ඩිල්ශාන්.











 

Sunday, December 4, 2011

මෙහෙමත් වෙලානෙ ?

    දැන් කියන්න යන්නෙ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවුන විශේෂ සිදුවීම් කිහිපයක්.මෙතන ගොඩක් ඇත්තේ ඔයාලා දන්නෙ නැති ඒවා.ඉතින් මේ ටික කියවලාම බලන්නකො.








  • එක් පන්දුවාරයක් පන්දු 6 කට සීමා කරලා තියෙන්නේ 1900 වර්ෂයෙ.
  • ප්‍රථම ටෙස්ට් තරග 30ම පවත්වා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම් අතර.31 වන තරගයට දකුනු අප්‍රිකාව සහභාගිවෙලා තියනවා.
  • තමා සහභාගිවූ ප්‍රථම ටෙස්ට් තරග 3හි දීම ශතක ලැබූ 1ම ක්‍රීඩකයා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසාරුඩීන්.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහභාගීවූ ප්‍රථම ටෙස්ට් ඉනිම 6දී 5 වරක්ම ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
  • ඉන්දීය කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට වසර 19ක් හා දින 230ක් ගතවී තිබෙනවා.
  • ලොව ප්‍රථම ටෙස්ට් තරගය 1877 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වා තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී එකම දිනයක් තුල දෙවරක්  දැවී ගිය 1කම කණ්ඩායමවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
  • සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලබා ඇති ලකුණු 6996න් ලකුණු 5028ක් ම ලබා ඇත්තේ  එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
  • ජිම් ලේකර් නැමැති ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19ක් ලබාගෙන තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී අඩුම ලකුණු සංඛයාවකට දැවීගොස් ඇත්තෙ නවසීලන්ත කණ්ඩායමයි. ඒ ලකුණු 26කට.
                         ඉදිරි ලිපියකින් තවත් තොරතුරු බලාපොරොත්තුවන්න...

පාකිස්තානයේ අභිමානය....

පාකිස්තානු ජාතික අලීම් ඩාර්  මෙම වසරේ ලොව හොදම ක්‍රිකට් විනිසුරු බවට පත්වුනා.එම සම්මානය ඔහු ලබාගනු ලැබුනු පිට පිටම තෙවන වරටයි.





                            ක්‍රිකට් විනිසුරුවන් පිළිබදව ක්‍රීඩා ලෝලීන් අතර එතරම් පැහැදීමක් නැති මෙවන් වකවානුවක මෙවැනි විනිසුරුවන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වන සේවය ඉතා ප්‍රශංසනීයයි.
                            මීට ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික සයිමන් ටෝෆුල් පස් වරක් මෙම සම්මානය හිමිකරගෙන තිබෙනවා.

කිවියො පරාදයි...

අද අවසන්වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ප්‍රථම ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුනා.ඒ කඩුලු 9ක පරාජයක්.
         ඕස්ට්‍රේලියනු නායක මයිකල් ක්ලාක්ගේ හා දෙපිලෙහිම නවක ක්‍රීඩකයන්ගේ දක්ශතා ඉස්මතුවූ තරගයක් ලෙස මෙය හැදින්විය හැකියි.
                           
         ලකුණු පුවරුව නැරඹීමට පහත ලින්කුවට යන්න.

                     http://www.espncricinfo.com/australia-v-new-zealand-2011/engine/current/match/518947.html

Saturday, December 3, 2011

මෙහෙමත් කෑමක්...

අද කියන්න යන්නෙ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පන්දු ගණනකට මුහුණදුන් ක්‍රීඩකයන් ගැනයි.
          
             




        මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ඉන්දියානු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්.ඔහු මේ වනවිට පන්දු 30707 කට මුහුණදීලා තියනව...දෙවෙනියට සිටින්නෙ ඉන්දියානු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් . ඔහු පන්දු 28062 කට මුහුණදීලා තියනවා.ශ්‍රී ලංකානු ක්‍රීඩකයන්ගෙන් වැඩිම පන්දු ගණනකට මුහුනදීලා තියෙන්නෙ මහේල ජයවර්ධනයි.ඒ පන්දු 19139 කට මුහුනදෙමින්.
                                     මෙයාලා මෙච්චර පන්දු ගණනකට මුහුණදෙද්දි පන්දු යවන්නන්ටනම් මොනවා හිතෙන්න ඇද්ද ?  :D

Friday, December 2, 2011

ඉපදුනේ කවදාද ?

           ඔයාල ආස කරන ක්‍රීඩකයෙකුගෙ උපන් දිනය කවදද කියලා  දැනගන්න ඕනි උනොත් එහෙම දැන් වැඩිය දගලන්න දෙයක් නෑ.ඒකට කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් 1කට යන 1 විතරයි.

                                http://cricket.123india.com/players/birthday/






                   සියලුම දෙනාට මෙම ලිපිය වැදගත් නොවුනත් එක් අයකුට හරි වැදගත්වෙයි යයි සිතනවා.

වැඩිම බිංදු ගණන...

            මෙම වසරේ නොවැම්බර් 30 වනදා වනවිට ජත්යන්තර ටෙස්ට් තරග 2019ක් පවත්වා තිබෙනවා.එම තරගවලදී ක්‍රීඩකයන් 7638වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.වැඩිම බිංදුවට දැවීයාම් ගණනක් වාර්තාවෙන්නේ එංගලන්ත කණ්ඩායමෙන්.ඒ 1599 වරක්..මේ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් 1317 වරක්ද බටහිර ඉංදීය කොදෙව්වන් 960 වරක් ද බිංදුවට දැවීගොස් තිබෙනවා.තවද ඉන්දියා ක්‍රීඩකයින් 833 වතාවක් ,නවසීලන්තය 793ක්, දකුනු අප්‍රිකාව 667ක්, පාකිස්තානය ක්‍රීඩකයින් 655 වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.  









                                ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිංදුවට දැවීගොස් තිබෙන්නේ 389 වතාවක් පමණයි.එම අගය සිම්බාබ්වේ 227ක් ද බංග්ලාදේශයේ 198ක් ද වෙනවා. 
                                 ලොව වැඩිපුරම බිංදුවට දැවීගොස් ඇත්තේ කොදෙව් කණ්ඩායමේ කර්ට්නි වෝල්ස්.ඔහු 43 වතාවක් බින්දුවට දැවීගොස් ඇති අතර ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්  35 වරක් බිංදුවට දැවීගොස් තිබෙනවා.

ඔබගේ ඉල්ලීම..

         සාමාජිකයො කිහිපදෙනෙක්ම කියලා තිබුනා නුවන් කුලසේකර ගැන ලිපියක් පළකරන්න කියලා.. මේ ඒකට අවස්ථාව.
              29 හැවිරිදි නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ශතම ක්‍රීඩකයෙක්.චමින්ද වාස්ගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා බවට පත්වූ ඔහු අවස්ථා ගණනාවකදීම ලොව හොදම පන්දු යවන්නා බවටද පත්වුනා.මේ දිනවල ආබාධිත තත්වයක් නිසා කණ්ඩායමින් ඉවත්ව සිටින ඔහු හොදින් පන්දුවට පහරදීමටද හැකි ක්‍රීඩකයෙක්.තවද ඔහු IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායමටද ක්‍රීඩා කරනවා..
                     ඔහු ගැන වැඩිදුරටත් විස්තර දැනගැනීමට අවශයනම් පහත ලින්කුවට යන්න.
             http://www.espncricinfo.com/ci/content/player/49535.html

Thursday, December 1, 2011

නිකන්ම දෙනවා....

                                                                     ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබ සදහාම ආරම්භවූ  මෙම පිටුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නවතම තොරතුරු මෙන්ම රසවත් සිදුවීම් දන්න සිංහලෙන්ම  ඔබ වෙත ලබාදීමට බලාපොරොත්තුවෙමි.         එම තොරතුරු පහසුවෙන්ම ඔබ වෙත ලබාගැනීම සදහා මෙම  පිටුවෙහි දකුණුපස තීරුවෙහි ඇති    JOIN THIS SITE  යන්න මත ඔබා ඊමේල් ගිනුමට පිවිස මෙහි සාමාජිකත්වය නොමිලේම ලබාගන්න...
                       
                             

බූම් බූම් අෆ්රිඩි....

                                                මේ සටහන  සුපිරි ක්‍රීඩක සයිඩ් අෆ්රිඩි ගැනයි.


                                                    මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ්‍රී ලංකා තරගාවලියේදී නැවතත් ක්‍රීඩාවට පිවිසි අෆ්රිඩි මේ වනවිට සුපිරි දක්ෂතා දක්වමින් පවතිනවා..අද බංග්ලාදේශය සමග පැවති එක්දින තරගයේදීත් කඩුලු 5ක් ලබාගැනීමට ඔහු සමත්වුනා.තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ඔහු මේ වනවිට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකියි.
                                මේ වනවිටත් ලොව වේගවත්ම එක්දින ශතකයට උරුමකම් කියන අෆ්රිඩි   එක්දින තරග ඉතිහාසයේ වැඩිම 6 පහරවල් ගණනක් එල්ල කළ ක්‍රීඩකයාද  වෙනවා.

20-20 ලෝක කුසලානය...

     මීලග 20-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වනවා.
                කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පවත්වන එම තරගාවලිය සැප්තැම්බර් මස 18වන දින ආරම්භවීමට නියමිතයි.    නවක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද සහභාගීවන එම තරගාවලිය තියුණු තරගාවලියක් වනු   නොඅනුමානය..


                                

කිවි කැන්ගරු සටන..

   තරග 2කින් සමන්විත ඕස්ට්‍රේලියා, නවසීලන්ත ටෙස්ට් තරග මාලාව අද ඇරඹුනා.මෙම තරගය සජීවීව නැරඹීම සදහා ක්‍රිකට් ලෝකය සමග එක්වන්න....මෙම පිටුවේ අග කොටස ඒ සදහා වෙන්කර ඇත...