මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!! මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි !!!

Sunday, December 4, 2011

මෙහෙමත් වෙලානෙ ?

    දැන් කියන්න යන්නෙ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවුන විශේෂ සිදුවීම් කිහිපයක්.මෙතන ගොඩක් ඇත්තේ ඔයාලා දන්නෙ නැති ඒවා.ඉතින් මේ ටික කියවලාම බලන්නකො.








  • එක් පන්දුවාරයක් පන්දු 6 කට සීමා කරලා තියෙන්නේ 1900 වර්ෂයෙ.
  • ප්‍රථම ටෙස්ට් තරග 30ම පවත්වා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම් අතර.31 වන තරගයට දකුනු අප්‍රිකාව සහභාගිවෙලා තියනවා.
  • තමා සහභාගිවූ ප්‍රථම ටෙස්ට් තරග 3හි දීම ශතක ලැබූ 1ම ක්‍රීඩකයා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසාරුඩීන්.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහභාගීවූ ප්‍රථම ටෙස්ට් ඉනිම 6දී 5 වරක්ම ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
  • ඉන්දීය කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට වසර 19ක් හා දින 230ක් ගතවී තිබෙනවා.
  • ලොව ප්‍රථම ටෙස්ට් තරගය 1877 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වා තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී එකම දිනයක් තුල දෙවරක්  දැවී ගිය 1කම කණ්ඩායමවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
  • සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලබා ඇති ලකුණු 6996න් ලකුණු 5028ක් ම ලබා ඇත්තේ  එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
  • ජිම් ලේකර් නැමැති ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19ක් ලබාගෙන තිබෙනවා.
  • ටෙස්ට් තරගයකදී අඩුම ලකුණු සංඛයාවකට දැවීගොස් ඇත්තෙ නවසීලන්ත කණ්ඩායමයි. ඒ ලකුණු 26කට.
                         ඉදිරි ලිපියකින් තවත් තොරතුරු බලාපොරොත්තුවන්න...

3 comments:

  1. ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට :)

    ReplyDelete
  2. ඔබලාටත් ස්තුතී. ඔබගේ අදහස් මට ශක්තියක්... :)

    ReplyDelete