- මෙම වසරේ සාර්ථකම 20-20 කණ්ඩායම ලෙස පාකිස්තානු කණ්ඩායම නම් කරන්න පුලුවන්.ඔවුන් සහභාගීවූ තරග 5න් 4කම ජය ලබාගෙන තිබෙනවා.
- තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක් දැවී ලබාගත් ලකුණු 198.
- වසරේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණුවන්නේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 85යි.ඒ පාකිස්තානයට එරෙහිව.
- වසරේ වැඩිම ලකුණු සංඛයාවක් ලබාගත් පිතිකරුවාවන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්.ඒ ලකුණු 195ක්.
- එක් තරගයකදී වැඩිම ලකුණු සංඛයාවක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්.ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104.
- පාකිස්තානයේ මොහොමඩ් හෆීශ් වසරේ වැඩිම කඩුලු ලාභියායි.ඔහු මෙම වසරේ කඩුලු 10ක් ලබාගෙන තිබෙනවා.
- වසරේ හොදම පන්දු යැවීම වාර්තාවෙන්නේ අජන්ත මෙන්ඩිස්ගෙන්. ඒ ලකුණු 16ට කඩුලු 6ක් ලෙස.
- වසරේ වැඩිම 6 පහරවල් ගනණක් එල්ලකල ක්‍රීඩකයාවන්නේ ශේන් වොට්සන්.ඒ 6 පහරවල් 13ක් එල්ලකරමින්.
- මෙම වසරේ වර්තාවූ එකම 20-20 ශතකය වර්තා කරගෙන තිබෙන්නේ තිලකරත්න ඩිල්ශාන්.
![]() |
![]() |