ක්‍රිකට් ලෝකය
Monday, December 5, 2011
වසරේ 20-20 දක්ශතා..
මේ වසරේ පැවැත්වීමට නියමිත සියලුම 20-20 ජාත්යන්තර තරග මේ වනවිට අවසන්වී තිබෙනවා.මේ මෙම වසර තුල කණ්ඩායම් හා ක්‍රීඩකයින් දැක්වූ දක්ශතාවල සාරාංශයක්.
- මෙම වසරේ සාර්ථකම 20-20 කණ්ඩායම ලෙස පාකිස්තානු කණ්ඩායම නම් කරන්න පුලුවන්.ඔවුන් සහභාගීවූ තරග 5න් 4කම ජය ලබාගෙන තිබෙනවා.
- තරගයකදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක් දැවී ලබාගත් ලකුණු 198.
- වසරේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණුවන්නේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 85යි.ඒ පාකිස්තානයට එරෙහිව.
- වසරේ වැඩිම ලකුණු සංඛයාවක් ලබාගත් පිතිකරුවාවන්නේ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්.ඒ ලකුණු 195ක්.
- එක් තරගයකදී වැඩිම ලකුණු සංඛයාවක් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්.ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104.
- පාකිස්තානයේ මොහොමඩ් හෆීශ් වසරේ වැඩිම කඩුලු ලාභියායි.ඔහු මෙම වසරේ කඩුලු 10ක් ලබාගෙන තිබෙනවා.
- වසරේ හොදම පන්දු යැවීම වාර්තාවෙන්නේ අජන්ත මෙන්ඩිස්ගෙන්. ඒ ලකුණු 16ට කඩුලු 6ක් ලෙස.
- වසරේ වැඩිම 6 පහරවල් ගනණක් එල්ලකල ක්‍රීඩකයාවන්නේ ශේන් වොට්සන්.ඒ 6 පහරවල් 13ක් එල්ලකරමින්.
- මෙම වසරේ වර්තාවූ එකම 20-20 ශතකය වර්තා කරගෙන තිබෙන්නේ තිලකරත්න ඩිල්ශාන්.
Sunday, December 4, 2011
මෙහෙමත් වෙලානෙ ?
දැන් කියන්න යන්නෙ ක්‍රිකට් ඉතිහාසයේ සිදුවුන විශේෂ සිදුවීම් කිහිපයක්.මෙතන ගොඩක් ඇත්තේ ඔයාලා දන්නෙ නැති ඒවා.ඉතින් මේ ටික කියවලාම බලන්නකො.
- එක් පන්දුවාරයක් පන්දු 6 කට සීමා කරලා තියෙන්නේ 1900 වර්ෂයෙ.
- ප්‍රථම ටෙස්ට් තරග 30ම පවත්වා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම් අතර.31 වන තරගයට දකුනු අප්‍රිකාව සහභාගිවෙලා තියනවා.
- තමා සහභාගිවූ ප්‍රථම ටෙස්ට් තරග 3හි දීම ශතක ලැබූ 1ම ක්‍රීඩකයා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසාරුඩීන්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහභාගීවූ ප්‍රථම ටෙස්ට් ඉනිම 6දී 5 වරක්ම ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
- ඉන්දීය කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට වසර 19ක් හා දින 230ක් ගතවී තිබෙනවා.
- ලොව ප්‍රථම ටෙස්ට් තරගය 1877 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වා තිබෙනවා.
- ටෙස්ට් තරගයකදී එකම දිනයක් තුල දෙවරක් දැවී ගිය 1කම කණ්ඩායමවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
- සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලබා ඇති ලකුණු 6996න් ලකුණු 5028ක් ම ලබා ඇත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
- ජිම් ලේකර් නැමැති ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19ක් ලබාගෙන තිබෙනවා.
- ටෙස්ට් තරගයකදී අඩුම ලකුණු සංඛයාවකට දැවීගොස් ඇත්තෙ නවසීලන්ත කණ්ඩායමයි. ඒ ලකුණු 26කට.
Subscribe to:
Posts (Atom)